ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිකම ඉවත් කළ බව තහවුරු කරන්නැයි ඉල්ලා හිමිනමක් උපවාසයේ


ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බවට දින 3 ක් තුළ තහවුරු කළ යුතු බව පවසමින් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමි අද (10) දිනයේදී කොළඹ නිදහස් චතුරශ්‍රයේ උපවාසයක් ආරම්භ කර තිබේ.