“The Wedding Planner 2019” එළඹෙන 25 වැනිදා සිට


“The Wedding Planner 2019” වසරේ විශිෂ්ටතම මංගල ප්‍රදර්ශනය එළඹෙන 25 වැනිදා සිට 27 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. 


විවාහ දිවියට පිවිසීමට සූදානමින් සිටින ආදරණීය යුවළයන් වෙනුවෙන් “The Wedding Planner 2019”  ප්‍රදර්ශනය පෙරාතුව එමගින් හිමිවන සුවිශේෂ පැකේජ සහ වට්ටම් පිලිබඳව දැනුවත් කළ මාධ්‍ය හමුවේ සුවිශේෂී අවස්ථාව කොළඹ, සිනමන් ලේක්සයිඩ් හිදී පැවැත්වුණි. මෙහි දැක්වෙන්නේ “The Wedding Planner 2019”  කළඑළි බසින මොහොතේදී ඊට සේවා පහසුකම් සපයන අනුග්‍රාහක ආයතන හඳුන්වාදීමේ අවස්ථාවේදී කැමරා කාචයේ සනිටුහන් වූ සුවිශේෂී අවස්ථාවන්ය.