වර්ධරාජා - ගෝඨාට සහය දෙන්නේ රට දෙකඩ කරන්නද ?


දෙමළ ජනතා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ජාතික සංවිධායක උතුරු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වරධරාජා පෙරුමාල් සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ අතර හමුවක් පසුගිය (16) වෙනිදා පැවැත්විණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ ජයග්‍රහණය කරවීමට තම පක්‍ෂයේ සියලුදෙනා එක්වී කටයුතු කරන බව වරධරාජා පෙරුමාල් එහිදී පවසා තිබේ. 

එක්සත් ජාතික පක්ෂය මෙන්ම ඔවුන් හා අත්වැල් බැඳගෙන සිටින දෙමළ ජාතික සන්ධානය, දමිළ ජනතාව වෙනුවෙන් කිසිවක් නොකළ බව පවසන වර්ධරාජා පෙරුමාල් ගෝඨාභය රාජපක්ෂට සහය දක්වමින්  30 කට අධික කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කර ඇති බව පැවසුණද ඒ මොනවාදැයි යන්න නිශ්චිතව ප්‍රකාශයට පත්වී නැත.  

කලෙක ඊළාම් රාජ්‍ය සංකල්පය සැබෑවක් බවට පත්කරගැනීමේ අරමුණින් සටන් කළ වර්ධරාජා පෙරුමාල් 2016 වසරේදී සිය පක්ෂයේ නම පවා වෙනස් කරමින් වෙනමම ගමන් මඟකට පිවිසුණද ඊළාම් රාජ්‍යය සංකල්පය ඉල්ලා අස්කරගෙන ඇති බව තවමත් නිශ්චිතව ප්‍රකාශයට පත්කර නැත. මෙවැනි පසුබිමක  වර්ධරාජා පෙරුමාල් ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීම දැවැන්ත අනතුරක ආරම්භය බව දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ