ශ්‍රීලනිප ය ගෝඨාට එක්වේ


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ලබාදෙන බව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා විසින් නිවේදනය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,  ‘ජනාධිපතිතුමාගේ ආශිර්වාදය සහිතව අපි තීන්දු කළා මේ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයට අපි උපකාර කරන්න ඕන කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයට සක්‍රීයව, බොක්කෙන්ම වැඩ කරනවා. යම් යම් කොන්දේසි සහිතව තමයි අපි සහයෝගය ලබාදෙන්නේ.’ යන්නයි.