සජිත් - ගෝඨාට කළ අභියෝගයට උත්තර ඉරාජ්ගෙන්



නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අභියෝග කරමින් අද (23) සිය ට්වීටර් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ, ඔහු සමග සජීවී රූපවාහිනී සංවාදයකට එක්ව එකිනෙකාගේ ප්‍රතිපත්ති හා දැක්ම ගැන නොබියව සංවාදයකට එක්වෙන ලෙසයි. 

ශක්තිමත් ජනාධිපති අපේක්ෂකයෙකු නම් සිය ප්‍රතිවාදියා සමග ලේඛනගත නොකළ අදහස් හුවමාරුවක යෙදීමට බිය විය යුතු නැති බවද මෙහි දක්වා තිබේ. 

සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශයත් සමග ගෝඨාභය රාජපක්ෂ විසින් ඊට  පිළිතුරක් ලබාදීම කෙසේ වෙතත්, ඉරාජ් වීරරත්න ඊට පිළිතුරු දෙමින් පවසා සිටින්නේ,

‘Noize TV එකේ තියනවා හරි මැද කියලා ආතල් show එකක් ඒකට එන්න ඔබතුමා
මිනිස්සු ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ කොමඩි🤷‍♂️ අපි සංවාදකරමු
1. රාත්‍රියට ගෙවල්වලට පනින එක සම්බන්ධව
2. එන්ජිම සම්බන්ධව
3. ඔක්ශිජන් සම්බන්ධව
4. නය දෙන එක 
5. බල්ලෙක් වගේ පස්සෙන් එනඑක සම්බන්ධව’ යන්නයි. 

ඊයේ දිනයේදී ද ‘පුතාණෝ’ ගීතය නිකුත් කරමින් ඉරාජ් වීරරත්න සෘජුවම සජිත් ප්‍රේමදාසව හාස්‍යයට ලක්කළ අතර එහි  පවසා තිබුණේ එය සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයේ නිළ තේමා ගීතය බවයි. 

ඉරාජ් වීරරත්න වැන්නෙක් මෙලෙස හැසිරෙන්නේ කාගේ මුදල් වලින් පෝෂණය වෙමින් ද යන්න ප්‍රශ්නයකි.