සුදුවෑන් ට්‍රිප් යන්නේ ඔබේ පවුලේ එකෙක් නොවනතාක් ඔබට එය ආතල්‍ ය

පණ්ඩුල නයන බණ්ඩාර 

සුදුවෑන් ට්‍රිප් යන්නේ ඔබේ පවුලේ එකෙක් නොවනතාක් ඔබට එය ආතල්‍ ය

චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් ගෝටාභය රාජපක්ශගේ පුරවැසිභාවය සම්බන්ද ගැටලුව ප්‍රශ්න කලේ ශ්‍රී ලංකාවේ අධිකරනයක් තුලදීය.


අදාල පෙත්සම නිශ්ප්‍රභා කරමින් ගෝටාභය රාජපක්ශගේ පුරවැසිභාවය තහවුරු කරන ලද්දේද එම අධිකරනය තුලදීය.

ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ශන නම් මෙයයි. ආණ්ඩු පක්ශයට එරෙහිව, විපක්ශයේ සිටි ප්‍රභලයා වුවද ස්වාධීන අධිකරන පද්දතිය තුලින් සාදාරනම තීන්දුව ලබා දුන් බව අප කාටත් සැකයක් නැත.

අවසානයේ චන්ද්‍රගුප්ත සහ ගාමිනී නම් හඳුනාගත් 'නරක මිනිස්සු' පරාදය. ගෝටාභය රාජපක්ශ දිනුම්‍ ය. කණ්ඩායම් දෙකටම ප්‍රජාතන්ත්‍රවාදීව විසිර යා හැක.

එනමුත්, ප්‍රජාතන්ත්‍රවාදීව දිනාගත් සටනේ, ඇතැම් ගෝටාභය රාජපක්ශ වාදීන් විසින් සතුරාට එරෙහිව ජයග්‍රහනය ප්‍රාර්තනා කරන ආකාරය පහත සඳහන් පෝස්ට්ටුවට ලැබුනු කමෙන්ට්ස් වලින් අවබෝද කරගත හැක. ඔවුන්ගේ එකම අභිප්‍රාය පෙත්සම් කරුවන් හෙවත් 'නරක මිනිස්සු' වෙනුවෙන් සුදු වෑන් එකකින් ට්‍රිප් එකක් ලබා දීමය.

රාජපක්ශ පාලනයේ දස වසර තුල පොදු ජනතාවගේ ආකල්පයන් වෙනස් කල ආකාරයේ සංශිප්තයක් මෙම කමෙන්ට් ඔස්සේ පැහැදිලි වනු ඇත. රාජපක්ශවරුන් හට අභියෝගයක් එල්ල කල සෑම පුද්ගලයෙකුම ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන, NGO, බටහිර පිල්ලි යනාදී වශයෙන් හඳුන්වා දී එවන් පුද්ගලයෙකුට එරෙහිව ගන්නා මිලේච්ච ක්‍රියාමාර්ගයන් සාදාරන කෝණයකින් බැලීමට පුරුදු කල මහජනතාවක් රාජපක්ශවරුන් විසින් නිර්මානය කර ඇත. ඔවුනට අනුව, එවන් පුද්ගලයින් සුදු වෑන් වලින් අතුරුදහන් කෙරුවාට කම් නැත. කුලී තුවක්කු කරුවන් ලවා ඝාතනය කෙරුවාට කම් නැත. අත්භූත රිය අනතුරු වලට මුහුණ දුන්නාට කම් නැත. සුදුවෑන් වලින් උස්සා අහිංසකයන් ඝාතනය කර නැත. රට ගොඩ නැගීමටනම් මේව අවශ්‍යවම ඇත !!

දස අවුරුදු රාජපක්ශ පාලනය තුල ගෝටාභය රාජපක්ශ කියන චරිතය වටා නැගී එන මෙම අදහස් හුදෙක් හිතලු වලින් උපන්නේ නැති බව අප කාටත් මතකය. එය ක්‍රියාවෙන්ම ඔප්පු කොට ඇති බව සමාජය හමුවේ තහවුරු වී ඇත. සමාජ තහවුරුව මෙසේ සමාජ මාද්‍ය ඔස්සේ දිගහැරෙන බව අමුතුවෙන් කිවයුතු නැත. නැවතත් රාජපක්ශ පාලනයක් ඇති වුවහොත තිබෙන භයානකම තත්වය මෙයයි. රාජපක්ශ වරුන් විසින් හඳුන්වාදෙන 'නරක මිනිස්සු' න්ට ඇතිවන ඉරණම කෙතරම් මිලේච්ච වුවද ඒ සෑම ක්‍රියාවක්ම 'රට වෙනුවෙන්' යන පුහු වචන දෙකේ නාමයෙන් සාදාරනීකරනය කිරීමට පාක්ශිකයන් සිය දාස් ගනනින් රොඳ බැඳගනු ඇත.

මිත්‍රවරුනී... 'නරක මිනිස්සු' වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාද විරෝදී දඬුවම් ප්‍රාර්තනා කරන රාජපක්ශවාදීන් හට අවසාන වශයෙන් කීමට ඇත්තේ මෙපමනකි.

සුදු වෑන් ට්‍රිප් යන්නේ ඔබේ පවුලේ එකෙක් නොවන තාක් ඔබට එය ආතල්‍ ය....