කාන්තාවන්ට වන කරදර ගැන කියන්න ගෝඨාගෙන් දුරකථන අංකයක්



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (25) උදෑසනදී එළිදුටු අතර ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, විනය ගරුක සමාජයක් හා සෞභාග්‍යවත් දේශයක් අරමුණු කරගත් මෙහි දස වැදෑරුම් ප්‍රතිපත්තියක් යෝජනා කර තිබේ. 


එනම්, 

1. ජාතික ආරක්ෂාවට මුල් තැන 
2. මිත්‍රශීලී සහ නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක් 
3. පිරිසිදු රාජ්‍ය පාලනයක් 
4. ජනතාවට වගකියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් 
5. ඵලදායී පුරවැසියෙක් - සශ්‍රීක මානව සම්පතක් 
6. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් 
7. තාක්ෂණය මත පදනම් වන සමාජයක් 
8. භෞතික සම්පත් සංවර්ධනය 
9. තිරසාර පරිසර කළමනාකරණය 
10. විනයගරුක, නීතිගරුක, සහ ගුණගරුක සමාජයක් 


මෙහිදී කාන්තාවන්ට ලබාදී තිබෙන සුවිශේෂී පොරොන්දු වී තිබෙන්නේ, 


තරුණ මව්වරුන්ට තම දරුවන් රැකබලා ගැනීමට තාවකාලිකව රැකියාවෙන් ඉවත්වීමට සහ යළි රැකියාවකට එකතුවීමට ක්‍රමවේදයක් සකස් කෙරෙන බව. 


කාන්තාවක් කිසියම් කරදරයකට මුහුණපාන ඕනෑම අවස්ථාවක තම ජංගම දුරකථනය මගින් කඩිනමින් ළඟම ඇති පොලිස් ස්ථානයට එම තොරතුර දන්වා යැවිය හැකි දුරකථන ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව යන්නයි.