ගෝඨා පරද්දන බැසිල්ගේ මෙහෙයුම


වින්‍යා ආරියරත්න හා බැසිල් රාජපක්ෂ ගජ මිතුරන් බැවින් මොවුන් දෙදෙනාගේ එකඟතාවක් අනුව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස මහේෂ් සේනානායක පත්කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. බැසිල් රාජපක්ෂගේ යටි අරමුණ වී තිබෙන්නේ සිය සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ පරාජය කරලීම නිසා මහේෂ් සේනානායක ජනපතිවරණ අපේක්ෂකයා බවට පත්කරලීමේ කටයුත්තට එලෙස සෘජු මැදිහත්වීමක් සිදුකර තිබේ. 

මේ කුමන්ත්‍රණය අවබෝධ කරගෙන සිටින ‘වියත්මඟ‘ මෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ මිලිටරි ජුන්ටාවද  මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත්කරලීමට සක්‍රීයව දායක වෙමින් සිටියි. සිංහල ඩයස්පෝරා ඡන්ද මෙරටට ගෙන ඒමට පවා මොවුන් කටයුතු කරයි. 

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද අවධාරණය කර සිටියේ පිටරට පදිංචි පිරිස ද ජනාධිපතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට මෙරටට පැමිණීමට නියමිත බවයි. 

මේ බව තවදුරටත් සනාථ කරන්නේ සරත් වීරසේකර මේ මොහොතේදී ඕස්ට්‍රේලියාවේ දී ගෝඨාභය රාජපක්ෂ ජනපති කරවන සටනට උරදෙමින් සිටින බැවිනි. අද (20) දිනයේදී මේ පිරිස ඕස්ට්‍රේලියාවේ ඩීකීන් සරසවියේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අදහස් දැක්වීමට නියමිතය.