''ගාලුමුවදොරට එක්වුණු ජනතාවට ප්‍රණාමය'' - රනිල්


එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (10) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ

''එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාසගේ සහ දේශයේ ජයග්‍රහණය තහවුරු කිරීමේ මංගල රැළිය සඳහා ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ අන්දමින් ගාලූමුවදොර පිටියට එක්රොක් වූ දේශප්‍රේමී ජනතාව වෙත මාගේ ගෞරවනීය ආචාරය පුද කරනු කැමැත්තෙමි. 

අති මහත් සාර්ථක අන්දමින් මෙම රැළිය සංවිධානය කිරීමට උර දුන් අප පක්‍ෂයේ නිලධාරී මණ්ඩලයට ද, මැති ඇමැතිවරුන්ට ද, ආසන සංවිධායකවරුන්ට ද කෘතඥතාවය පළ කර සිටිමි. 

මෙය සාමුහික උත්සාහයක මහඟු ප්‍රතිඵලයකි. ඒ උත්සාහයට එක් වූ සියලූ දෙනාටම ස්තුතිය පළ කරමින් මේ උන්නදුව සහ උද්‍යෝගය ජනාධිපතිවරණ ජයග්‍රහණය දක්වාම එක ලෙස ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යාමට එක්සිත්ව  කටයුතු කරන මෙන් ද ඉල්ලා සිටිමි.'' යන්නයි.