-වික්ටර් අයිවන් -
ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබෙන නඩුද ගාමිණී වියන්ගොඩ හා මහාචාර්ය තේනුවර ඔහුගේ හැඳුනුම් පත් හා ගමන් බිල්පත් වලට අදාලව පරීක්ෂන වාර්තා ද මා හොඳින් හැදෑරුවා. මගේ නිගමනය ඔහුට ජනාධිපතිවරණයකට තරග කිරීමේ අයිතියක් නැති බවය.
තිබෙන අනෙකුත් සියලු චෝදනා බැහැර කොට හැඳුනුම්පත් හා විදේශ ගමන් බලපත්ර ප්රශ්නය පමණක් ගත්තත් ඔහු සිදුකර තිබෙන වැරදි ඉතාම බරපතලයි.ඔහු පුරවැසි නීති උල්ලංඝණය කර තිබෙනවා. ආගමන විගමන නීති උල්ලංඝණය කර තිබෙනවා. කූඨ ලේඛන සකස් කර තිබෙන බව පැහැදිලිව පෙනෙනවා.
ඔහු පරණ හැඳුනුම්පත ලබාගෙන තිබෙන්නේ 1976 දෙසැම්බර් 21වනදා. එහි අංකය 491724021v. විදේශ ගමන් බලපත් අංකය n5384975. ඔහුට ඇමරිකන් පුරවැසිභාවය ලැබී තිබෙන්නේ 2003 ජනවාරි 31 වනදා.
පුරවැසි නීතිය අනුව විදේශ රටක පුරවැසිභාවය ලබාගත් පුද්ගලයෙකුගේ ලංකාවේ පුරවැසිභාවය ස්වයංක්රීය ලෙස අහිමිවනවා. 2005 ජනාධිපති මැතිවරණයේදී ඔහු ලංකාවට පැමිණ තිබෙන්නේ ඇමරිකන් පුරවැසියෙකු ලෙස තාවකාලික සංචාරක වීසා බලපත්රයක් යටතේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිධූරයට තේරී පත්වන්නේ 2005 නොවැම්බර 18 වන සිකුරාදාය. ගෝඨාභයට ද්වීත්ව පුරවැසිභාවය ලබාදී තිබෙන්නේ නොවැම්බර් 21 වන සඳුදාය. සීඝ්රගාමී වේගයකින් ඒ දේ සිදුවී තිබෙන්නේ විෂයබාර ඇමතිවරයෙකු පවා පත්නොකර තිබූ අවස්ථාවකදී ය. ද්විත්ව පුරවැසිභාවය සදහා ඉදිරිපත් කළ අයදුම්පතේ ගෝඨා තමන් හඳුන්වාගෙන ඇත්තේ පරිඝණක ඉංජිනේරුවෙකු වශයෙනි. ඒ නිසා එම අයදුම්පත සැලකිය හැක්කේ බොරු තොරතුරු ඇතුලත් කූඨ ලේඛනයක් වශයෙනි.
ඔහු අලුත් ජාතික හැඳුනුම්පත (194917210010) ලබාගන්නේද 2016 වසරේදී ඇමරිකන් පුරවැසිභාවය තිබියදීය. නීතියට පටහැනිව අලුත් හැඳුනුම්පතක් ලබාගෙන තිබියදී 2017,2018 හා2019 යන වර්ෂ සදහා මැතිවරණ නාම ලේඛනයේ නම
ලියාපදිංචි කර තිබෙනුයේ අවලංගු පරණ හැඳුනුම්පත යොදාගෙනය. එයද චේතනාන්විතව කරන ලද බරපතල වරදක් ලෙස සැලකිය හැකිය.
ගෝඨා තමන්ගේ ශ්රී ලංකා විදේශ ගමන් බලපත්ත්රය (n 192600594) ලබාගෙන තිබෙන්නේද ඇමරිකන් පුරවැසිභාවය තිබිය දීය. ඒ සියල්ල බරපතල වැරදි වන අතර චේතනාන්විත්ව කර තිබෙන වැරදි වශයෙන් මිස නොදැන කරන ලද වැරදි ලෙස සැලකිය නොහැකිය. නීතිය ක්රියාත්මක වීමේදී ගෝඨා සම්බන්දයෙන් කුමන ප්රතිපත්තියක් අනුගමනය කරාවිද යන්න කිවනොහැකිය.
නීතියට අනුව නම් ඔහුට ජනාධිපතිවරණයට තරග කළ නොහැකිය.ඒ බරපතල වැරදි වෙනුවෙන් සිරදඬුවම් හිමිවීමද නොවැලැක් විය හැකිය.
Post a Comment