ශවේන්ද්‍ර පත්කිරීම ගැන යුරෝපා සංගමයේ විරෝධය



ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති තනතුරට පත්කිරීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචෙලේ යොමුකර ඇති දැඩි අවධානය කෙරෙහි යුරෝපා සංගමයේ පූර්ණ සහයෝගය හිමිවන බව ඊයේ (20) නිකුත් කළ නිවේදනයක දක්වා තිබේ. 

අදාළ නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කරන්නේ, 

මෙම පත්කිරීම මගින් 2019 මාර්තු මාසයේදී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය පිළිබඳ ගැටළු මතුවී තිබෙන බවත් මෙමගින් ජාතික සංහිඳියාව කෙරෙහි මෙරට දක්වන කැපවීම පසුබෑමකට ලක්කරන බවත් යුද්ධයේ ගොදුරු බවට පත්වූ හා යුද්ධයෙන් ජීවිත බේරාගත් ජනතාවට පීඩාකාරී පණිවිඩයක් ද යොමුකෙරෙන බවයි.