''ඔබේත් ඔබේ දූදරුවන්ගේත් ආරක්ෂාවේ වගකීම මා භාරගන්නවා'' - ගෝඨා


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව මේ මෙහොතේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී  පැවැත්වෙන අතර සමුළුව ආරම්භ කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ විසින් ගෝඨාභය රාජපක්ෂව පොදු ජන පෙරමුණේ, ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට පත් කරනු ලැබීය.


''බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි ආරක්ෂාකාරී පරිසරයක් භාරදෙනවා. එහෙත් මම කිසි විටකත් අන්තවාදී ත්‍රස්තවාදයට ඉඩ තබන්නේ නැහැ. උතුරු නැගෙනහිර ජනතාව මුහුණදෙන ගැටළු අපේ රජයෙන් නිසැකවම විසඳනවා. මහින්ද චින්තනය යටතේ අපේ රටේ විශාල සංවර්ධනයක් සිදුවුණා. දැන් අපට තියෙන්නේ එතැනින් ඉදිරියට ගෙන යාමයි. '' යනුවෙන් ඉන් අනතුරුව අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ පැවසීය. 

එමෙන්ම,විප්ලවීය වෙනසක් නිර්මාණය කිරීමට තමාට බාර දීම යුග මෙහෙවරක් ලෙස සලකන බවද කියා සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා, තමා රටට ආදරය කරන බවත්, තමාට රට ගැන දැක්මක් ඇති බවත් මව්බිමට සෞභාග්‍ය උදා කිරීමට ඇති අවස්ථාවක් ලෙස මෙය බාර ගන්නා බවත් අවධාරණය කළේය.