සාරිය දුටු ඥාණකීර්ති හිමි කුපිත වේ - පොලීසියෙන් උත්තර නෑ


බුදුරුව සහිත සාරියක් ඇගලාගෙන සිටිනවා යැයි චෝදනා කරමින් ඊයේ (29) දිනයේදී ත්‍රිකුණාමලය පොලීසිය විසින් දමිළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවේදී අදාළ ත්‍රිකුණාමලය ජයසුමනාරාමයේ විභාරාධිපති, ඥාණකීර්ති හිමි එම කාන්තාවට අතිශය පහත් අන්දමින් බැණ වැදෙන අන්දම සහිත වීඩියෝවක් ද ට්වීටර් ජාලය තුළ හුවමාරු වෙමින් පවතියි.

අදාළ කාන්තාව අත්අඩංගුවට ගත්තේ කුමන චෝදනාව  සම්බන්ධයෙන් දැයි 'ශ්‍රී ලංකා ගාර්ඩියන්' වෙබ් අඩවිය ත්‍රිකුණාමලය පොලීසියෙන් විමසන විට ඔවුන්ට ඒ ගැන නිසි පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි විය.