මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ කමිටු වාර්තාව අමාත්‍යංශ ලේකම්ට භාරදේ



2005 සිට 2015 වර්ෂය දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ යෝජනාවකට අනුව පත්කරන ලද කමිටුවේ වාර්තාව ඊයේ (30)  එම කමිටු සභාපති ජේ.එම්. තිලකා ජයසුන්දර විසින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර  වෙත භාරදෙන ලදී.

ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවති මෙම අවස්ථාවට එම කමිටුවේ සාමාජිකයින්ද සහභාගී විය.