ලංකාවේ තොරතුරු පනත තවදුරටත් වැඩිදියුණු විය යුතුයි



තොරතුරු දැනගැනීමේ අයිතියේ පරිවර්තනීය බලපෑමක් තහවුරු කිරීමට නම් රාජ්‍ය සහ පුරවැසියාගේ පාර්ශවයෙන් නව කැපවීමක් අවශ්‍ය බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි. 2019, තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාවට නැංවීම පිලිබඳ ඇගයීම් වාර්තාව  දියත් කරමින්, TISL ආයතනය අවධාරණය කරනු ලැබුවේ,  ගෝලීය තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රේණිගත කිරීම් වල 4 වන ස්ථානයේ ශ්‍රී ලංකාව රැදී සිටීම, තොරතුරැ පනතේ ශක්තිමත් බාවය පිළිබිඹු කලද, තොරතුරු පනත ක්‍රියාවට නැංවීම පිලිබඳ වත්මන් ඇගයීම් වාර්තාව තුලින් ශ්‍රී ලංකාවට ලබා දී ඇත්තේ මධ්‍යම පරාසයේ අගයක් ( කහ පැහැය ) බවයි. 

ප්‍රගාමී අනාවරණය, ආයතනික පියවරයන් සහ ඉල්ලීම් සැකසීම යන ප්‍රධාන ක්ෂේත්‍රයන් තුන පාදක කරගනිමින්, RTI පනත ක්‍රියාවට නැංවීම පිලිබඳ මැන බැලීමක් සිදු කිරීම මෙම TISL RTI ඇගයීම්  ක්‍රියාවලියේ අරමුණ විය. ඇගයීමට පාදක කරගත් ක්ෂේත්‍ර තුන අතරින්, ශ්‍රී ලංකාව, ප්‍රගාමී අනාවරණය සඳහා රතු පැහැයද,  ආයතනික පියවරයන් සඳහා කහ පැහැයද,ඉල්ලීම් සැකසීම සඳහා කහ පැහැයද  ලබා ගැනීමට සමත්ව ඇත. 

මෙම තක්සේරුගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ප්‍රවේශය ගනු ලැබුවේ RTI  ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර  වශයෙන් කටයුතු කරනු ලබන Freedom of Information Advocates Network (FOIAnet)  ආයතන ජාලය විසිනි. රටක RTI භාවිතය ශ්‍රේණිගත කිරීමට FOIAnet ආයතනය උපයෝගී කරගන්නේ සංඛ්‍යාත්මක ලකුණු කිරීම සහ වර්ණ ශ්‍රේණිගත කිරීමයි. මෙම වර්ණශ්‍රේණි , රතු (සැලකිය යුතු වර්ධනයක් අවශ්‍යයි), කහ (යම්කිසි  වර්ධනයක් අවශ්‍යයි), කොළ (සුළු වර්ධනයක් අවශ්‍යයි) වශයෙන් පරාසගත වේ. 

TISL ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ අසෝක ඔබේසේකර, ඇගයීම් වාර්තාවේ නිගමනයන් පිලිබඳ අදහස් දක්වමින්, "රට පුරා TISL ආයතනය විසින් සිදු කර ඇති RTI වැඩසටහන් මෙම ඇගයීම් වාර්තාවේ නිගමනයන් තුලින් පිළිබිඹු වන බවත්, ප්‍රගාමී අනාවරණයන් හි පසුබෑම වැනි ගැටළු කෙරෙහි රජයේ ඉක්මන් අවධානය යොමු විය යුතු වන්නේ දුෂණය මැඩලීමේ යතුර එය සතු වන නිසාවෙන් බව'' ත්, පැවසීය. 

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, මෙහිදී විශ්ෂයෙන් අවධානයට යොමුවන්නේ ජාතික මට්ටමේ රාජ්‍ය ආයතන වලට වඩා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය ආයතන වඩා වගකීම් සහගත ලෙස කටයුතු කර ඇති ආකාරය පිළිබඳවයි. මේ මගින් පෙන්නුම් කරන්නේ පුරවැසියා සමග කටයුතු කරන රාජ්‍ය සේවයේ පහලම ස්තරය වඩා වගකීම් සහගත ලෙස කටයුතු කර ඇති ආකාරයත් ඒ තුලින් RTI පනත ක්‍රියාවේ යෙදවීම බිම් මට්ටමේ සිට ඉහලට වඩා වේගවත්ව වැඩි දියුණු කල හැකි බවත්ය. 


සම්පුර්ණ ඇගයීම් වාර්තාව