මෙරට ප්‍රතිපත්ති සම්පාදනයට එක්සත් ජාතීන්ගේ සහයෙන් 'UNBLOCKED'


මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශය එක්ව 'UNBLOCKED' නමින්, ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සහය වීමට නව කථිකාසනයක් දියත් කර තිබේ. මෙමගින් මහජනතාව සහ විද්වතුන් අතර සංවාද ගොඩනැගීමට ඉඩ සලසා දී ඒ තුළින් ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා නව අදහස් හා විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වේ.