''රිෂාඩ් ගැන තීරණයක් නොගත්තොත් පාර්ලිමේන්තුවේදී තීරණයක් ගන්නවා'' - රතන හිමි




පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පිරිස් සමග ගනුදෙනු කළ ආණ්ඩුකාරවරුන් වන හිස්බුල්ලා හා අසාද් සාලි මෙන්ම අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ද සිය ධූර වලින් ඉවත් කළ යුතු  බව පවසමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි පසුගිය මැයි 31 වෙනිදා ආරම්භ කළ මාරාන්තික උපවාසය මීට සුළු මොහොතකට පෙර අවසන් කෙරුණි. 

ඒ ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්වූ බවට අදාල  ලිපි භාරදී ඇති බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සිදුකළ දැනුම් දීමෙන් අනතුරුවයි.

මෙහිදී උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ,


''මම ජාතියට ණය නැහැ''

''රට වෙනුවෙන් අධිෂ්ඨාන පූජාවක් ආධ්‍යාත්මිකව කළේ. ත්‍රස්තවාදය පැවතිච්චි 30 අවුරුද්දේ මා කැපවුණේ ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගැනීම සඳහා කරපු ඒ උදාර පරිත්‍යාගය ජයග්‍රහණය කළා. මාවිල්ආරු ගමන තමයි  ගමන අවදියේ ඒ කරපු උදාර ගමන. මම ජාතියට ණය නැහැ කියලා මං සතුටු වෙනවා. (හඬමින්)


විශේෂයෙන්ම, තීරණය දැනුම් දීලා තියෙනවා ජනාධිපතිතුමා. මෛත්‍රී ගුණරත්න මැතිතුමා ඒ ප්‍රකාශය අරගෙන ආවා. ඒක සත්‍ය ප්‍රකාශයක් බව මා විශ්වාස කරනවා. මහ විශාල ජනතාවක් ඉදිරියේ කාටවත් බොරු කියන්න බැහැ. ඒ නිසා ඒක පිළිගන්නවා මම. ඒ වගේම රිෂාඩ් බදුර්දීන් ඉවත් කිරීම ජනාධිපතිතුමාට කරන්න බැහැ. ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමා තීරණයක් ගනියි කියලා  හිතනවා. එසේ නැත්නම් අපි පාර්ලිමේන්තුවේ ඒ තීරණය ගන්න කටයුතු සැලසුම් කරලා තියෙනවා. අපේ දරුවන් වඳ කිරීම ගැන හොයාබලන්න කොමිසමක්   ආධ්‍යාත්මික අධිෂ්ඨානයක් තියෙන තනි පුද්ගලයෙකුට සමාජය වෙනස් කරන්න පුළුවන්. මං හිතනවා මං ඒ ආදර්ශය රටට දුන්නා කියලා.'' 






සබැඳි පුවත් 

රතන හිමියන් මාරාන්තික උපවාසය අරඹයි