ත්‍රිකුණාමලයේදී ඝාතනය වූ තරුණයන් 5 දෙනාගේ සිද්ධිය ජාත්‍යන්තර අධිකරණයට


ත්‍රිකුණාමලයේදී ඝාතනය වූ තරුණයන් පස් දෙනා අතර සිටි රජීහර් මනෝහරන්ගේ පියා වන කාසිපිලෛයි මනෝහරන් ජාත්‍යන්තර යුද අධිකරණයට යන බව ඊයේ (31) දින අල්ජසීරා වෙත අදහස් දක්වමින්  පැවසුවේය.

රජීහර් මනෝහරන් නම් තම පුතු 2006 ජනවාරි දෙවැනිදා ඝාතනයට ලක්වූ බව මෙම පියා පවසන අතර ඔහු අතිශය නිහඬ තරුණයෙකු වූ බවත් වෛද්‍යවරයෙකු වීමේ බලාපොරොත්තුවෙන් සිටි බවත් පවසයි.  එල්ටීටීඊ ය විසින් රජීහර් ඝාතනය කෙරුණු බවට චෝදනා එල්ල වුවත් පසුව අනාවරණය වූයේ විශේෂ කාර්ය බලකාය විසින් ඔහුව ඝාතනය කෙරුණු බවයි.  

රජීහර්ගේ පියා වැඩිදුරටත් පවසන්නේ, 

''ලංකාවේදී නිසි යුක්තිය හිමිකරගන්න බැහැ, හයිබ්‍රිඩ් උසාවිය හෝ නෙදර්ලන්තයේ ජාත්‍යන්තර යුද අධිකරණය හමුවට යා යුතුයි. මං කිසිදාක ලංකාවේ සමහර විනිසුරුවරු විශ්වාස කරන්නේ නැහැ. ලංකාවෙන් සත පහක් වත් ඉල්ලන්නේ නැහැ. මට ඕන යුක්තිය විතරයි. මගේ දරුවාගේ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් සාධාරණයක් වුවමනයි. එහෙම නැත්නම් මං රජීහර්ගේ තාත්තා නෙමේ.'' යන්නයි.