Trendy Hub ප‍්‍රධාන ප‍්‍රදර්ශනාගාරය කොල්ලූපිටියේදී විවෘත වේ




Trendy Hub ප‍්‍රධාන ප‍්‍රදර්ශනාගාරය පසුගිය මැයි 21 දින කොල්ලූපිටියේ ඇලෝයි ඇවනිව් හිදී විවෘත කරන ලදි. මෙම අවස්ථාවට මෙරට ජාතික ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ජනප‍්‍රිය ක‍්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධන ප‍්‍රමුඛව විශාල පිරිසක් සහභාගී වූහ. 

ලන්ඩන්, පැරිස් සහ මිලාන් විලාසිතා ප‍්‍රදර්ශන වලින් ආභාෂය ලත් ඇඟලූම් Trendy Hub වෙතින් මිලදීගත හැකි වේ. මෙහි විශේෂත්වය වන්නේ, විලාසිතා දැක්මක අපූර්වත්වය සමගින්, එදිනෙදා ජීවිතයේදී සැරසීමට සුදුසු ලෙස මෙම ඇඟලූම් නිර්මාණය කර තිබීම බව Trendy Hub  නිර්මාතෘවරු පෙන්වා දෙති. 



‘‘අපගේ ප‍්‍රදර්ශනාගාරයට පැමිණෙන වාරයක් ගානේ පාරිභෝගිකයන් උනන්දුවට හා සතුටට පත්වනු දැකීමට අප කැමතියි. ලොව විලාසිතා ක්ෂේත‍්‍රයේ ඉහළම තැන්වලින් ආභාෂය ලබමින් අපගේ ඇඟලූම් නිර්මාණය කර තිබෙනවා. ඒවා ආනයනය කර තිබෙන්නේත් එම රටවලින්මයි.  මෙය ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීමක් වේවි.  ඕනෑම අවස්ථාවකට, උත්සවයකට හෝ ගමනකට ගැළපෙන ඇඳුම් පැළඳුම් අපගේ ප‍්‍රදර්ශනාගාරයෙන් මිලදීගන්නට පුළුවන්. එය තමයි Trendy Hub  විශේෂත්වය.” YNM Trendy Hub  (පුද්) සමාගමේ කොටස්කරුවෙකු වන ඇන්ඩෘ පෙරේරා මහතා පැවසී ය. 


ශ‍්‍රී ලංකාවේ විවෘත කෙරුණු ප‍්‍රථම Trendy Hub  ශාඛාව පසුගිය දෙසැම්බර් මාසයේ ‘කලම්බු සිටි සෙන්ටර්’ හිදී විවෘත කෙරිණි. මෙය උසස් තත්ත්වයේ, අලූත් විලාසිතාවන් සහිත ඇඟලූම් සාධාරණ මිලට සොයන පාරිභෝගිකයන් අතර අතිශයින් ජනප‍්‍රිය වූ අතර, ගාලූ පාරේ ACBT අසල පිහිටා ඇති නව ශාඛාව මේ අත්දැකීම වඩාත් සුවිශේෂී අත්දැකීමක් බවට පත් කරනු ඇත. 



Trendy Hub  විලාසිතා දැනටමත් මෙරට විලාසිතා ක්ෂේත‍්‍රයේ දැඩි අවධානයක් දිනාගැනීමට සමත් වී ඇත. මෙහි විශේෂත්වය වන්නේ හුදෙක් රැුල්ලට යාමෙන් තොරව, ලොව ඇඟලූම් ක්ෂේත‍්‍රයේ හොඳම දේවල් ඉහළම ප‍්‍රමිතියෙන් යුතුව පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කිරීම ය. පාරිභෝගිකයන්ට ඉතා හොඳින් ඉඩ පහසුව ලැබෙන පරිදි මෙම ශාඛාව සැලසුම් කර ඇති අතර, විශිෂ්ට පුහුණුවක් ලැබූ කාර්ය මණ්ඩලයක් පාරිභෝගිකයන්ට සහය වීමට සූදානමින් සිටී.