පුද්ගලයන් 250කට අධික පිරිසකට මරු කැඳවමින් එල්ල වු පාස්කු ප්‍රහාරය හේතුවෙන් බලපෑම් එල්ල වූ සංචාරක කර්මාන්තයට අදාළ ව්‍යාපාර සඳහා බදු සමාවක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.
විදේශිකයන් සහ කතෝලික බැතිමතුන් ඉල්ලක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇති වූ ආරක්ෂක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අදාළ කර්මාන්තකරුවන් විසින් ද මෙම බදු විරාම පිළිබඳ ඉල්ලීම් කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
"ටියුනීසියාව, බාලි වගේ මේ වගේ තත්ත්වයන්ට මුහුණ දුන් රටවල් දිහා බලපුවා ම අපිට කියන්න පුළුවන් නිසි ක්‍රියාමාර්ග යටතේ වසරක, වසර එක හමාරක වගේ කාලයක් තුළ මෙරට සංචාරක කර්මාන්තය නැවත යථා තත්ත්වයට පත් වෙයි කියලා.
2009 අවසන් වූ දශක තුනක යුද්ධයෙන් වගේ ම පසුගිය දා ඇති වූ දේශපාලන අර්බුදයෙන් අපේ ආර්ථික වර්ධනයට බලපෑම් එල්ල වුණා. යුද්ධයෙන් පස්සේ පස් ගුණයකින් විතර සංචාරකයන් පැමිණීම ආදායම් වාර්තා බිඳ හෙළන මට්ටමට වර්ධනය වුණා.
ලොකුම අවධානම විය හැක්කේ මෙවැනි ප්‍රහාර දිගින් දිගටම ඇති වීමයි. අපි හිතනව එය අපට කළමනාකරණය කර ගන්න පුළුවන් වෙයි කියල. ඒ වගේ ම මෙවැනි ප්‍රහාර නැවත ඇති නොවෙයි කියලත් අපි හිතනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය හෙමින් නමුත් ස්ථාවර ලෙස ඉදිරියට යමින් තියෙනවා," යැයි ද අමාත්‍යවරයා පැවැසීය.
ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි වාර්ෂික මහ සභා රැස්වීම අතරතුර බ්ලුම්බර්ග් (BLOOMBERG) නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
Post a Comment