මෝදිගේ දිවුරුම් දීමේ උළෙලට ජනපති සහභාගී වේ


නරේන්ද්‍ර මෝදි දෙවන වරටත් ඉන්දීය අගමැති ධුරයේ දිවුරුම් දීමේ උලෙළ අභිමානවත් අයුරින් ඊයේ (30) පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හි දී පැවැත්විණි.

නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයට අනුව එම උලෙළේ ආරාධිත අමුත්තෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ඊට එක් විය.


ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගනිමින් දෙවන වරටත් එරට අගමැතිධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදිට මෙහි දී ජනාධිපතිවරයා සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වීය.