රිෂාඩ් ගැන සොයන වාර්තාව සති දෙකකින්



කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සොයා බැලීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව සති දෙකක් ඇතුලත ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරියගෙන් ඉල්ලීමක් කර ඇත. 

පසුගිය 21 වෙනිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට අදාල කරුණු සහ රිෂාඩ් බදියුදීන්ට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධව සොයා බැලීමට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය වන පරිදි මෙම පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ඊයේ (22) පත් කරනු ලැබූ අතර, මෙය සාමාජිකයන් 40 දෙනෙකුගෙන් සමන්විතය.