ත්‍රස්ත ප්‍රහාරය ගැන හිටපු ආරක්ෂක ප්‍රධානීන් හැදූ වාර්තාව ජනපතිට


පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන් විසින් සකස් කළ විශේෂ වාර්තාව ජනපතිට පිළිගැන්වීම පසුගියදා සිදුවිය. 

රටේ පවතින තත්වය හා ඒ සඳහා ගතයුතු දීර්ඝකාලීන හා කෙටි කාලීන විසඳුම් ඇතුළත් කර ඇති අතර  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජගත් ජයසූරිය, හිටපු යුද හමුදාපති දයා රත්නායක, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, අද්මිරාල් මොහාන් විජේවික්‍රම, අද්මිරාල් ජගත් කොළඹගේ, හිටපු පොලිස්පති වරුන් වන මහින්ද බාලසූරිය, චන්ද්‍රා ප්‍රනාන්දු, හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාකිෂ්ඨ, හිටපු ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි යන පිරිස මෙය සැකසීමට දායක වී තිබේ.