‘‘මිනුවන්ගොඩදී දුටු ආරක්ෂක රථ මගේ ආරක්ෂාවට පැමිණි ඒවා නෙමෙයි‘‘ - රුවන් විජේවර්ධන


අමාත්‍ය රුවන් විජේවර්ධන වැඩ බලන ආරක්ෂක අමාත්‍යරයා ලෙස පසුගිය 15 වෙනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය සොයාබැලීමට කළ සංචාරයේදී අනවශ්‍ය ආරක්ෂාවක් යොදාගත් බවට සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි වල විවිධ පුවත් පළවිය. 

මේ ගැන පැහැදිලි කරමින්  අද (17) දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති අමාත්‍යවරයා පවසන්නේ මෙදින මාධ්‍ය වලින් ප්‍රචාරය කෙරුණු රූප රාමු වල දැක්වෙන සියලුම ආරක්ෂක නිළධාරීන් හා ආරක්ෂක රථ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පැමිණි ඒවා නොව ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් පැමිණ සිටි ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ඉහළ නිළධාරීන්ගේ රථ සහ ඔවුන්ගේ ආරක්ෂක පසුගමන් රථ වන බවයි.