කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය කඩිනමින් ප්‍රතිසංස්කරණය කෙරේ


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පැවති තත්ත්වයට වඩා උසස් අයුරින් අංග සම්පූර්ණව හා කඩිනමින් ප්‍රතිසංස්කරණය කර කිතුණු බැතිමතුන්ට පූජා කරන බව අද (3) එහි නිරීක්ෂණ චාරිකාවක එක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසුවේය. 

මෙම දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු උසස් ප්‍රමිතියෙන් යුක්තව අංග සම්පූර්ණව සිදු කිරීමට අමතරව මෙහි නව සංවර්ධන වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති අතර, ඒ අනුව අලුතින් කෞතුකාගාරයක්, දිවා ආහාර දානමය මධ්‍යස්ථානයක් හා ආහාර පිසීම සඳහා ගොඩනැගිල්ලක් ඉදි කිරීමට කටයුතු කර ඇත. 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහයෝගය ඇතිව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබයි.

එහි ඡායාරූපමය අවස්ථාවන්