''ජාතික ආරක්ෂක කමිටුව සති දෙකකට වරක් රැස්වුණා'' - ජනපති


අප්‍රේල් 21 වැනිදා මෙරට ස්ථාන කීපයක පිපිරීම් සිදුවිය හැකි බවට බුද්ධි තොරතුරු ලැබුණු පසුවද ආරක්ෂක කවුන්සිලය රැස් නොවූ බව ඊයේ (29) දින පළමුවරට රැස්වූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් අනාවරණය කළේය. 

අද දින මේ ගැන පැහැදිලි කිරීමක් කරමින් සිය ට්වීටර් ගිණුමට පණිවිඩයක් එක්කරන ජනපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පවසන්නේ, 

''ආරක්ෂක මණ්ඩලයේ කරුණු නොනිල ලෙස මාධ්‍ය තුළ පළ වූ බැවින්  ව්‍යුහය වෙනස් කොට ජාතික ආරක්ෂක කමිටුව පිහිටුවා සති දෙකකට වරක් රැස් විය.

19/4/8  ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරින්ගේ රැස්වීමේ දී ද 21ප්‍රහාරය පිළිබඳව මා වෙත දැනුවත් කිරීමක් සිදු නොවීය.

මා දැනුවත් කළ බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරමි.'' යන්නයි. 








සිසිර මෙන්ඩිස් ඊයේ (29) දින ලබාදුන් සාක්ෂිය