ජාතික බුද්ධි ප්‍රධානියා විසින් යවන ලද ලියුම අනිවාර්යෙන්ම ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ට ලැබුණු බවත් ජනාධිපතිවරයාට එම ලියුම නොලැබුණු බවට ප්‍රකාශ කරනවා නම් එය අමූලික බොරුවක් බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
එසේ නොලැබුන බව පවසන්නේ නම් එයින් පෙනීයන්නේ ජනාධිපතිවරයා ආරක්ෂක ක්‍රියාදාමය සඳහා අවශ්‍ය යාන්ත්‍රණය නිසිලෙස ගොඩනගාගෙන නොමැති බව යන්නද වරදක් සිදුවී ඇත්තේ ජනාධිපතිවරයාගෙන් මිස ආරක්ෂක පද්ධතියෙන් නොවන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (2) රාත්‍රියේ අයි.ටී.එන් නාලිකාවේ විකාශය වූ ‘සංවාදය‘ වැඩසටහනට එක්වෙමිනි.
Post a Comment