ලංකාවේ ප්‍රහාර දියත් කළ අයුරු ගැන IS හෙළිදරව් කරයි


පාස්කු ඉරිදා දින මෙරට තුළ දියත් කළ ප්‍රහාර මාලාව ගැන තොරතුරු අයි.එස්. සංවිධානය ප්‍රකාශයට පත්කර ඇති බව Site Intel Group.Com දක්වා තිබේ.


මේ දැක්වෙන්නේ ඔවුන් ඒ ගැන නිකුත් කළ නිවේදනයයි (ඉංග්‍රීසි බසිනි). මෙහි දැක්වෙන අන්දමට ප්‍රහාරයට සම්බන්ධ පිරිස මෙන්ම ඔවුන් එය සැලසුම් කරන ලද අන්දම, දෙමටගොඩ නිවසේදී සිදුවූවේ කුමක්ද යන්න ගැන අනාවරණය කර ඇත. 



මෙම ප්‍රහාරවලින් තම සාමාජිකයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව, කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී සිය පුපුරණ ද්‍රව්‍ය පුපුරුවාගත්තේ අබු හම්සා  බව, මීගමුව සෙබස්තියන් පල්ලියේදී පුපුරණ ද්‍රව්‍ය පුපුරුවා ගත්තේ අබි කලිල් බව, අබු මුහම්මද් මඩකලපුව සියොන් දේවස්ථානයේදී තම පුපුරණ ද්‍රව්‍ය පුපුරුවාගත් බවත් එහි සඳහන් වෙයි.




අබු උබායිදා (සහරාන් හසීම්), අබු අල් බාරා හා අබු මුක්තාර් කොළඹ ෂැංග්‍රීලා, සිනමන් ග්‍රෑන්ඩ් හා කිංග්ස්බරි හෝටල්වල ප්‍රහරයට පැමිණි බවත් සඳහන් විය. දෙමටගොඩ පොලිස් නිලධාරීන් හා පැවැති ගැටුමකින් අනතුරුව අබු අබ්දුල්ලා ජීවිතක්ෂයට පත්වූ බවත් එහි සඳහන් විය.


කෙසේවුවත්,  Site Intel Group හි උපදේශකයෙකු ලෙස ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයෙකු වන රොහාන් ගුණරත්න ද කටයුතු කරයි. 

මෙරට සිදුවූ ප්‍රහාරය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානය (IS) හා එහි මෙරට පිහිටි ශාඛාවක  මෙහෙයවීමෙන් සිදුවූවක් බවත්, මෙම IS ජාලයට ඉන්දියාවේ, මාලදිවයිනේ මෙන්ම මෙරට ද සබඳතා පවතින බව අද ඩේලි මිරර් පුවත්පතට පී.කේ. බාලචන්ද්‍රන් රචනා කර ඇති Blasts carried out by ISIS with local connection - Dr. Rohan Gunaratna ලිපියට කරුණු දක්වමින් ඔහු අවධාරණය කර තිබුණි.


මෙරට ප්‍රහාරය දියත් කළ IS සාමාජිකයින් දැක්වෙන වීඩියෝව