‘‘ත්‍රස්තවාදය සම්බන්ධයෙන් මෙරට නීතියේ හිදැස් තියෙනවා‘‘ - අගමැති


අගමැතිවරයා අද (25)  දින  Sky News වෙත අදහස් දක්වමින් පවසා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අය විදේශගතව සිටින සමයේදී ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බව මෙරට බලධාරීන් දැනුවත්ව සිටිය ද ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සුදුසු නීතියක් මෙරට නැති බවයි.


‘‘ඔවුන් සිරියාවට ගිහිං එහි ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වූ බව අප දැනගෙන හිටියා. නමුත්, විදේශගතවී ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධවීම මෙරට දී දඬුවම් ලැබෙන වරදක් නොවේ, අයි. එස්. යනු ත්‍රස්ත සංවිධානයක් වුවත් විදෙස් ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වූවන්ට දඬුවම් කරන නීතියක් මෙරට නැහැ. 

ලංකාවේ ක්‍රියාත්මක වන ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වූවන්ට දඬුවම් දෙන්න පුළුවන්, මේක අපේ නීතියේ තියෙන හිදැසක්‘‘ අගමැතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේ.