‘‘පල්ලි වලට එල්ල වූ ප්‍රහාරය අතිශය ප්‍රචණ්ඩකාරීයි‘‘ - පාප්තුමා


අද (21) උදෑසන කොළඹ, කොච්චිකඩේ, මීගමුව කටුවපිටිය හා මඩකලපුව පල්ලි වලට හා හෝටල් කීපයක සිදුවූ බෝම්බ පිපිරීම ‘අතිශය භයානක‘බවත් ඒ ගැන තමන් සිය කණගාටුව පළකරන බවත් ෆ්‍රැන්සිස් පාප්තුමා  අද ශාන්ත පීතර බැසිලිකාවේ පාස්කු දේව මෙහෙය අමතමින් පැවසුවේය. 


‘‘අතිශය වේදනාකාරී ලෙස මියගිය සියලු දෙනා දෙවියන් වහන්සේට භාර කරමි. මේ කම්පිත සිද්ධියෙන්  තුවාල ලබා දැඩි වේදනාවෙන් පසුවෙන සියලුදෙනා වෙනුවෙන් මා යාඥා කරනවා‘‘ යැයි පැවසූ පාප්තුමා 

මේ ප්‍රහාරය යාඥාවට ඒකරාශී වී සිටි  ක්‍රිස්තියානි ප්‍රජාවට එල්ල වූ ප්‍රහාරයක් බවත් ඒ අත්දැකීම අතිශය ප්‍රචණ්ඩ බවත් වැඩිදුරටත් පවසා තිබේ.