අද මධ්‍යම රාත්‍රියේ සිට දකුණු පළාත් සභාව විසුරුවා හැරේ


අද (අප්‍රේල් 10) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දකුණු පළාත් සභාව විසුරුවා හැරෙන අතර අදාළ ගැසට් නිවේදනයට ආණ්ඩුකාරවරයා අත්සන් තබා තිබේ. මේ පිළිබඳ දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සිය නිළ ෆේස්බුක් ගිණුමේ දක්වා තිබෙන්නේ, 

‘‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ආ ව්‍යවස්ථාවේ 8 වැනි ජේදය ප්‍රකාරව, දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරවර තෙන්නකෝන් මුදියන්සේලාගේ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් 2019.04 10 දින මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි දකුණු පළාත් සභාව විසුරුවා හැරීමේ ප්‍රකාශ පත්‍රය අත්සන් කරන ලදී.'' යනුවෙනි.