පාස්කු ඉරිදා ඛේදවාචකය ගැන සොයන ත්‍රිපුද්ගල මණ්ඩලය සාක්ෂි සටහන් කරගනී


අප්‍රේල් 21 ව්‍යවසනය සම්බන්ධයෙන් කරුණු පරික්ෂා කිරීමට පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ හා සාක්ෂි සටහන් කරගනිමින් සිටියි.

අප්‍රේල් 21 වන දින සිදුවූ ව්‍යසනය සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමට ජනපති විසින් පත්කළ විශේෂ ත්‍රි පුද්ගල පරීක්ෂණ මණ්ඩලය මේ වනවිට අදාළ පුද්ගලයින්ගේ ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (29) නිකුත් කළ නිවේදනයේ දක්වා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යංශ  ලේකම් පද්මසිරි ජයමාන්න හා හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මේ පරීක්ෂණ මණ්ඩලයේ සිටියි.