ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නීතිය හා සාමය ඇමතිධූරයට පත්කිරීමට නම් එක් ඇමතිවරයෙකු ඉවත් විය යුතු බවත් ඔහු එම ධූරයට පත්කරනවා නම් තම ඇමතිධූරය ඒ වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සූදානම් බව අර්ජුන රණතුංග අද (29) සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ මෙලෙසිනි.
‘‘ඔබ අපිට ආඩම්බරයකි
අමාත්‍ය මණ්ඩලයේ ඇමති ධූර සීමාව 30 ක් බැවින් සරත් ෆොන්සේකා ඇමතිතුමා නීතිය හා සාමය ඇමතිවරයා ලෙස පත්කිරීමට නම් එක ඇමතිවරයෙක් ඉවත් විය යුතුයි.
අර්ජුන රණතුංග ඇමතිතුමා ඒ සදහා ඉවත් විමට අද දින රැස්වු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේදී තීරණය කරයි. අවශ්‍ය වේලාවේදී තමන්ගේ ඇමති ධූරය අවශ්‍යම මොහොතේ ම පරිත්‍යාග කළ ඔහුට ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි‘‘
කෙසේවුවත්, පසුගියදා පාර්ලිමේන්තු අමතමින් සරත් ෆොන්සේකා පැවසුවේ,
‘‘ජනපතිතුමා මට නීතිය හා සාමය නොදී ඉන්න හේතු වුණු කරුණු විදියට කියා තිබුණේ ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක්, රාජ්‍ය නිළධාරීන් හා ඩී.අයි.ජී කීපදෙනෙකු කිව්වලු මට මේ පත්වීම දෙන්න එපා කියලා..‘ යන්නයි.
‘‘ජනපතිතුමා මට නීතිය හා සාමය නොදී ඉන්න හේතු වුණු කරුණු විදියට කියා තිබුණේ ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක්, රාජ්‍ය නිළධාරීන් හා ඩී.අයි.ජී කීපදෙනෙකු කිව්වලු මට මේ පත්වීම දෙන්න එපා කියලා..‘ යන්නයි.
Post a Comment