‘‘මේ සාහසික ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකිනවා‘‘ - අන්තෝනියෝ ගුටෙරස්


අද (21) දින දිවයිනේ පල්ලි හා හෝටල් කීපයක සිදුවූ සිදුවීම තරයේ හෙළාදකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස් සිය ට්වීටර් ගිණුමේ පණිවිඩයක් තබමින් පවසනවා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, 

''කිතුණු භක්තිකයින්ගේ ශුද්ධ දිනයක් වන පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ පල්ලි හා හෝටල් කීපයකට සිදුවූ සාහසික ත්‍රස්තවාදී ප්‍රහාරය මා තරයේ හෙළාදකිනවා. වෛරය හා අන්තවාදය තුරන් කර දැමීමේ ගෝලීය සටනේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලංකාව සමග අත්වැල් බැඳගනු ඇත. මේ පූජනීය ස්ථාන ගෞරවයට පාත්‍ර විය යුතුයි‘‘ යන්නයි. 



එමෙන්ම, අද දින පූජනීය ස්ථාන හා නාගරික හෝටල් වල සිවිල් ජනතාව ඉලක්ක කරගනිමින් සිදුවූ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය තරයේ හෙළාදකින බව ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. 

අදාළ නිවේදනය