පාස්කු ඉරිදා දින ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ (25) දින Channel 4 නාලිකාව සමග කතාබහට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටින්නේ, මේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් හා ජනපතිතුමා අතර පවතින එකඟතාවය ගැන ගැටළුවක් නැති බවයි.
මීට පෙර ඔබට නොලැබුණු ආරක්ෂණ තොරතුරු මේ මොහොතේදී ඔබට ලැබෙනවාද ?
සාමාන්‍යයෙන් මට මේ තොරතුරු ලැබුණා. නිළ හෝ නිළ නොවන ආකාරයට, නමුත් මේවා
නිළ වශයෙන් ලිඛිතව ලැබුණේ නැහැ
ඔබට බුද්ධි අංශ තොරතුරු නොලැබෙන්න හේතුව ඔවුන් දැනුම් දුන්නාද ?
මේ ගැන හොයාබලන්න කමිටුවක් පත්කර තිබෙනවා. ඔවුන් ඒ ගැන සොයමින් පවතිනවා
පොලිස්පතිතුමාට සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙස බලකරමින් ජනපතිතුමා බැණ වැද තිබුණා. පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු බව ඔබ විශ්වාස කරනවාද ?
ජනාධිපතිවරයා මොවුන් දෙදෙනාටම කතා කරලා තිබුණා. ඉල්ලා අස්වන්න දැනුම් දී තිබුණා.
මේ සිද්ධියට වගකිවයුතු සියලුම දෙනා ඉල්ලා අස්විය යුතු බව කැබිනට් මණ්ඩලය දැන්වූවා. ඇත්තටම, තුන් දෙනෙකු - පස් දෙනෙකු පමණ ඉල්ලා අස්විය යුතුයි.
ඔබ ඒ කතාවට එකඟද ?
සිද්ධියට වගකිවයුත්තන්ට අස්වෙන්න සිද්ධ වෙනවා
නමුත්, ජනපතිවරයා හා ඔබ අතර එකඟතාවක් නැතිවීම මේ ප්‍රශ්නයට හේතුවෙනවා ?
මේ සිද්ධිය සම්බන්ධයෙන් අප අතර පවතින එකඟතාවය සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ. ආරක්ෂක අමාත්‍යංශය පවතින්නේ ජනපතිතුමා යටතෙයි. ඉතිං, ඕනෑම පුද්ගලයෙකු ඒ ධූර වලින් ඉවත් කිරීමේ බලය එතුමට තියෙනවා.
නීතිය හා සාමය ජනපතිතුමා යටතේ පවතින්නේ ඇයි ?
මේ සියලු පරීක්ෂණ අවසන් වූ වහාම ඇමතිවරයෙකු පත්කරන ලෙසට අප නිර්දේශ ලබාදුන්නා. ජනපතිතුමාත් එකඟ වුණා පරීක්ෂණ අවසන් වුණාම ඇමතිවරයෙකු පත්කරන්න
නමුත්, මේකට මාස ගාණක් ගතවේවි ? ඒ කාලය තුළ නීතිය හා සාමය අමාත්‍යවරයෙකු නොසිටිවි ? ආරක්ෂාව ගැන දේශීය වශයෙන් සොයා බලන්න කෙනෙකු හිටියා නම් මෙය වළක්වාගන්නට හැකිවූ බව ඔබ විශ්වාස කරනවාද ?
ඔව්, නමුත්, ඔහුටත් නිසි තොරතුරු ලැබෙන්න ඕන.
අගමැතිවරයාගේ ප්රමුඛ වගකීම වෙන්නේ රටේ ආරක්ෂාව නොවේද ?
කැබිනට් මණ්ඩලය ලෙස අපට ඒ ගැන වගකීමක් තිබෙනවා, නමුත්, නීතිය හා සාමය පවතින්නේ වෙනත් ඇමතිවරයෙකු යටතෙයි. එහි ක්‍රියාකාරකම් සිදුවෙන්නේ ආරක්ෂක අමාත්‍යංශය යටතෙයි.
රටේ ආරක්ෂාව තහවුරු කිරීමේදී ජනපතිවරයා අසමත් වුණා නොවේද ?
මේ ක්ෂේත්රයේ ප්‍රතිව්‍යුහගත කිරීම් ගැන ඔහු සමග කතා කළා. විශේෂයෙන්ම ආණ්ඩුවේ හා ආරක්ෂක අංශයේ ක්‍රියාකාරීත්වය ගැන.
අගමැතිවරයා ලෙස නීතිය හා සාමය පාලනය කිරීමේ වගකීම භාරගන්න ඔබට අවශ්‍යද ?
ඒක මගේ යටතේ නොවේ කැබිනට් මණ්ඩලය හරහා සිද්ධ වෙන්න ඕන. ඇමතිවරයා කැබිනට් මණ්ඩලයේ කොටසක්
නමුත්, රටේ අගමැතිවරයා ඔබයි ? කැබිනට් මණ්ඩලයේ නායකයා ඔබයි ?
ජනපතිවරයා සමග මාත් කතාබහේ යෙදෙන අවස්ථා තියෙනවා. මට වඩා ජනපතිතුමා සමග නිසි සන්නිවේදනය තුළින් මෙය පැමිණිය යුතුයි.
මෙවැනි අවස්ථාවකදී තමන්ගේ ආරක්ෂාව සහතික කරන්නේ කවුද යන්න ගැන ජනතාව තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිවී තියෙනවා ? මේ ගැන සොයා බලන්නේ කවුද ? ඔබ නෙමෙයිද ?
නැහැ, මං නෙමේ. මං නීතිය හා සාමය ඇමති වී හිටියේ සති තුනක කාලයකට පමණයි. දිගන සිද්ධිය කාලයේදී පමණයි.
ජනපතිතුමා රට ආරක්ෂා කරාවිය කියලා විශ්වාසයක් ඔබට තියෙනවද ?
සමහර ප්‍රතිව්‍යුහගත කිරීම් ගැන අප කතාබහේ යෙදෙනවා.
මහජනතාව ඉන්නේ තරහින් නෙමේද ? ඔවුන් තරහින් ඉන්නේ කා සමගද ?
ඔවුන් ආණ්ඩුවට බණිනවා.
Post a Comment