‘අවතාරය’ සඟරාව ජනගත කිරීම 8 වැනිදා


‘අවතාරය’ සඟරාවේ දෙවන කලාපය ජනගත කිරීම වෙනුවෙන් මහජන සම්මන්ත්‍රණයක් හා සිනමා දර්ශනයක් “සමාප්ත කාලයක රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී විකල්පය” යන තේමාව යටතේ 2019 අප්‍රේල් 8 දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වේ. 

එහිදී ප.ව. 2.00 ට විමුක්ති ජයසුන්දරගේ ''චත්‍රක්'' චිත්‍රපටිය ප්‍රදර්ශනය කෙරෙන අතර ප.ව.3.30 ට ආරම්භ වන සම්මන්ත්‍රණයේදී විදර්ශන කන්නන්ගර, සුමිත් චාමින්ද, කේ.ඩී.ලාල් කාන්ත, විසාකේස චන්ද්‍රසේකරම්, ධර්මසිරි ලංකාපේලි, තනූජා ජයවර්ධන හා වී.මහේන්ද්‍රන් විසින් අදහස් දක්වනු ලැබේ. මෙම වැඩසටහන ඉදිරිපත් කරනු ලබන්නේ "මාරුතයේ හඬ" සංවිධානය විසිනි.