ග්‍රීක ජාතික ඡායාරූප මාධ්‍යවේදියෙකු වූ යානීස් බරාකිස් පසුගියදා (2) සිය ජීවිතයෙන් නික්ම ගියේය. පිළිකා රෝගයෙන් පෙළෙමින් ඔහු මියයන විට 58 හැවිරිදි වියේ පසුවූවේය. යානීස් Reuters පුවත් සේවාවේ රැකියාවේ යෙදුණු අවදියේදී යුද ගැටුම් ඡායාරූපයට නැංවීමේදී සුවිශේෂී දක්ෂතා පිළිබිඹු කළේය.
![]() |
සිරියානු සංක්‍රමණිකයින් - 2015 අගෝස්තු 11 |
1960 දී ග්‍රීසියේ ඉපද හැදී වැඩුණු යානීස් යුරෝපයට බලපෑ සංක්‍රමණික අර්බුදය ගැන කළ වාර්තාකරණය උදෙසා 2016 දී පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබූ ඡායාරූප මාධ්‍යවේදීන්ගේ කණ්ඩායමට නායකත්වය ද ලබාදුන්නේය.
![]() |
ග්‍රීසියේ අගමැති ඇලෙක්සිස් - 2015 ජූලි 3 |
‘‘මානව සංහතියේ අතිසුවිශේෂී සංධිස්ථාන වගේම අතිශය දරුණු සංසිද්ධි ගැන වාර්තා කරන්න මං ඉන්නවා. මේ සාමය වෙනුවෙන් මං දක්වන දායකත්වයයි‘‘ යනුවෙන් රොයිටර්ස් පුවත් සේවාව වෙනුවෙන් රචිත චරිතාපදානයට අදහස් දක්වමින් ඔහු පැවසුවේය.
![]() |
ග්‍රීසියේ ජාතික බැංකුව ඉදිරිපිට සිය විශ්‍රාම වැටුප ලබාගැනීමට බලා සිටින අයෙකු - 2015 ජූලි 7 |
වසර 30 ක් පුරා රොයිටර් පුවත් සේවය හා සම්බන්ධ වී සිටි යානීස් ඇෆ්ගනිස්ථාන හා චෙච්නියා අර්බුදය, කාශ්මීරයට බලපෑ අතිදරුණු භූමිකම්පාව මෙන්ම 2011 ඊජිප්තුව පුරා පැතිර ගිය අරාබි වසන්තය ද වාර්තා කළේය.
![]() |
පෙට්ටියක නිදාසිටින සංක්‍රමණික දරුවෙකු -2015 සැප්තැම්බර් 7 |
‘‘මගේ කාර්යභාරය වී තිබෙන්නේ සිද්ධ වුණේ කුමක්දැයි කියන කතාව වාර්තා කිරීම පමණයි, ඊටපස්සේ කළයුත්තේ කුමක්දැයි ඔබ තීරණය කරන්න. මගේ මෙහෙවර වන්නේ ‘මං දැනගෙන හිටියේ නැහැ කියන්න‘ කිසිවෙකුට පැවසීමට ඉඩ නොතිබීමයි‘‘ යන්න ඔහු සිය වෘත්තීය ජීවිතයේදී විශ්වාස කළ දැක්ම වී තිබුණි.
![]() |
සෝමාලියානු දරුවෙකු - 1992 දෙසැම්බර් 14 |
Post a Comment