අලුගෝසු තනතුරට සම්මුඛ පරීක්ෂණ මේ මාසයේදී


අලුගෝසු තනතුර සඳහා මේ වනවිට ඉල්ලුම්පත් 102 ක් ලැබී ඇති අතර මෙම මාසය තුළ එම තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 

99 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට නියමිත අතර  ඉල්ලුම්පත් එවා ඇති කාන්තාවන් දෙදෙනෙකු හා විදේශිකයකු සම්මුඛ පරීක්ෂණයට සහභාගී කරනොගන්නා බවද එම දෙපාර්තමේන්තුව පවසයි.