ජනපතිගේ මත්ද්‍රව්‍ය නිවාරණ බලකාය කංසා නීතිගත කිරීමට එරෙහි වේ


වස විස තොර ආහාර පරිභෝජන රටාවකට මහජනයා හුරු කරනු වස් සංවිධානය කර ඇති වස විස නැති ජාතික පොළ හා ප්‍රදර්ශනයේ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක කරන මතින් නිදහස් රටක් ව්‍යාපෘතියට වෙනම කුටියක් වෙන් කර ඇත. 

එම ප්‍රදර්ශන කුටියේ මුල්ලක කංසා නීතිගත කිරීමේ උත්සාහය පරදවමු යැයි බැනරයක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය කංසා ගැන ලියන ලද අසත්‍ය කරුණු අඩංගු අත් පත්‍රිකාවක් බෙදා හරී. 

කංසා අන්තරාදායක ඹෟෂධයක් නොවන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවා පිළිගෙන තිබියදී කංසා නීතිගත කිරීමට දුම්කොළ සමාගම් මුදල් දෙන බව කියමින් ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය ජනතාව මුලා කරන්නේ ජනතාවගේම මුදල් නාස්ති කරමිනි. 



තුසිත බාලසූරිය