අල්ලස දූෂණය තුරන් කරන පස් අවුරුදු සැලැස්ම එළිදකී


ශ්‍රී ලංකාවෙන් අල්ලස දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම ජනාධිපති ප්‍රධානත්වයෙන් අද  (18) කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වුණි. කතානායක කරු ජයසූරිය, මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙන්ම යහපාලන ආණ්ඩුව පත්වූ සමයේදී දූෂණ, වංචා සිදුකළ බවට චෝදනා නැගුණු විපක්ෂ නායක, මහින්ද රාජපක්ෂ ද මේ අවස්ථාවට එක්වී සිටිීම විශේෂත්වයකි. 

යහපත් ආකල්පවලින් පොහොසත් දරු පරම්පරාවක් නිර්මාණය කිරීම,කාර්යක්ෂම පෞද්ගලික හා රාජ්‍ය සේවයක් බිහි කිරීම,යුක්තිය හා නීතිය සැමට සාධාරණව පසිඳලීමේ ක්‍රමවේදයක් ඇති කිරීමේ අරමුණින් මෙම ජාතික සැලැස්ම සම්පාදනය කොට ඇත. 

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, ජනාධිපති ලේකම් කාර්යාලය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ සියලු නිලධාරීන්, සියලු පාර්ශ්ව ආවරණය වන පරිදි මහජන අදහස් ලබාගෙන මෙම ජාතික සැලැස්ම සකස් කර ඇති අතර මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ.


මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ජනපතිවරයා අවධාරණය කර සිටියේ, බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පූරු රජයෙන් සැලකිය යුතු මට්ටමක සහයෝගයක් මේ වන තෙක් ලැබී නොමැති බවත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දැන්වීම් නිර්මාණයේදී පවා රජයේ ‘සැලසිනේ‘ ආයතනය අලල්ස් ඉල්ලා සිටි බවත්ය.

අල්ලස දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම වෙත පිවිසෙන්න 











සබැඳි පුවත්