ශ්‍රී ලංකා සිනමා පාසලේ තුන් අවුරුදු උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව අප්‍රේල් 27 වැනිදා ඇරඹේ


ශ්‍රී ලංකා පදනමේ (Sri Lanka Foundation -SLF), ශ්‍රී ලංකා සිනමා පාසල (Sri Lanka Film School - SLFS) විසින් මෙහෙයවන ශ්‍රී ලංකාවේ ප්‍රථම තුන් අවුරුදු සිනමාකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව අප්‍රේල් මස 27 වන දින ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.

ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ඉල්ලුම් කිරීමට ලබාදී තිබෙන කාල සීමාව 2018 මාර්තු මස 30 වන දිනෙන් අවසන් වේ. සිනමා ක්ෂේත්‍රයට අදාළ සෞන්දර්යාත්මක සහ තාක්ෂණික ක්‍රමවේදයන් ඇතුළත්ව අධ්‍යක්ෂණය හා තිර රචනය, කැමරාකරණය හා ආලෝකකරණය, සංස්කරණය හා ශබ්ද සැලසුම්කරණය මූලික කරගත් මෙම තුන් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවේදී සිනමා ශානර, කලා අධ්‍යක්ෂණය, දේශපාලන ඉතිහාසය, ලෝක සාහිත්‍යය ප්‍රවණතා, ලෝක කලා ඉතිහාසය, ගෘහ නිර්මාණ ශිල්පය, දර්ශනය, මනෝ විශ්ලේෂණය, සංගීතය ආදී විෂයයන් ද උගන්වනු ලැබේ

චිත්‍රපට අධ්‍යක්‍ෂක සංජීව පුෂ්පකුමාර මහතා ශ්‍රී ලංකා සිනමා පාසලේ පාඨමාලා අධ්‍යක්‍ෂකවරයා වන අතර ක්ෂත්‍රයේ ජ්‍යෙෂ්ඨ සිනමාවේදීන් හා සිනමාව පිළිබඳ ශාස්ත්‍රවන්තයන්ගෙන් සැදුම්ලත් ආචාර්ය මඩුල්ලක් විසින් අධ්‍යයන කටයුතු සිදු කරනු ලබයි.   


ශ්‍රී ලංකා සිනමා පාසල සිනමාව සඳහා පමණක්ම වෙන්වූ මෙරට පළමු සිනමා පාසලයි.

සිනමාකරණ පාඨමාලාව පිළිබඳ වැඩිදුර තොරතුරු 0112 691814 ඔස්සේ හෝ edu@slf.lk යන ඊමේල් ලිපිනය හරහා ලබා ගත හැකිය.වෙබ් අඩවිය www.slf.lk