”හදවත් සහ පෙනහළු බද්ධ සැත්කම් ළඟදීම මහනුවර රෝහලෙන්” – වෛද්‍ය අනිල් අබේවික්‍රම


හදවත් සහ පෙනහළු බද්ධ සැත්කම් මහනුවර රෝහලෙන් සාර්ථකව සිදුකර ගැනීමේ අවස්ථාව තිබෙන බව වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා පසුගියදා (9) මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේය.


මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ 2017 වසරේදී හදවත් බද්ධ ප්‍රථම සැත්කම සාර්ථකව සිදුකිරීමට මහනුවර රෝහලේ වෛද්‍යවරු සමත්වූ බවත් එම රෝගියා මේ වනවිට ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බවත්ය




නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟයක් හේතුවෙන් පසුගිය කාලයේදී හදවත් සැත්කම් සිදුනොකළ බවත් රෝහලට පැවති එම අඩුපාඩුව ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කටයුතු කර ඇති බවත් අවශ්‍ය, මිල අධික ඖෂධ වර්ග සියල්ල රෝහල වෙත ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව ගෞරවය රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයාට හිමි විය යුතු බවත් වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා පෙන්වා දුන්නේය.





වීඩියෝ දර්ශන – රූපවාහිනී පුවතිනි