රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වංචා, දූෂණ ජනපතිට නොපෙනේද ?



රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වංචා හා දූෂණ සිදුවන බවත් මෙය ආරක්ෂක අමාත්‍යංශයට පවරාගෙන ඇති තත්ත්වයක් තුළ පැමිණිලි කිරීමට කිසිදු බලධාරියෙකු නැති බවත් දන්වමින් එහි සේවකයින් ඊයේ (12) දින ජනපතිට ලිපියක් යොමුකර ඇත.

මෙහිදී ඔවුන් අවධාරණය කර සිටින්නේ,

    ‘‘1. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට අදාලව වංචා, දූෂණ හා නාස්තිය සම්බන්ධයෙන් නිතර නිතර  පෙත්සම් හා ලිපි විශාල ප‍්‍රමාණයක් අප සංගමයට ලැබෙන අතර ඒවා පිළිබදව අවශ්‍ය පියටර ගැනීම සදහා දැනුම් දියහැකි හා ඇහුම්කන් දෙන කෙනෙක් නැති තත්ත්වයක් උදා වී ඇත.
එම ලිපි වලින් පැහැදිලි වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් හා අමාත්‍යවරුන් කරන ලද වංචා දූෂණ හා නාස්ති ප‍්‍රමාණයට සමානව දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් හා අමාත්‍යාංශ ලේකම්වරුද සමබන්ධ වී සිටින බවයි.   මොන තරම් විධිමත් නීති පද්ධතියක් තිබුනත් ඒවා කි‍්‍රයාත්මකභාවයට පත්කිරීමට සිටින නිලධාරීන් බොහෝ දෙනෙක් ඒවාට සමබන්ධ වීම නිසා දවසින් දවස වංචාව, දූෂණ හා නාස්තිය ඉහල යන තත්වයක් ඇත.  
ඔබතුමාද මාධ්‍ය මගින් නිතර නිතර එවැනි වැරදි කරන අයට විධිමත් ආකාරයට දඩුවම් ලබා දෙන බව ප‍්‍රකාශ කළද එසේ සිදුවන බවක් පෙනෙන්නට නැති අතර ඒවා හුදු ප‍්‍රකාශ බවට පත්ව ඇත. ඔබතුමා යටතේ තිබෙන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දවසින් දවස වංචා, දූෂණ හා නාස්තිය වැඩි වෙමින් ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයා මාර්ගයක් නොගැනීම හොදම උදාහරණයකි. 

02. මීට පෙර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව අමාත්‍යාංශයක් යටතේ පවතින විට වංචා, දූෂණ හා නාස්තිය පිලිබදව අඩුම වශයෙන් දැනුම් දීමට අවස්ථාවක් තිබුණත් මේ වන විට ඔබතුමා යටතේ පවතින බැවින් එයද අහිමි වී ඇත.

03. එම නිසා ඔබතුමා, අනෙක් අමාත්‍යාංශ වලට ආදර්ශයක් වන පරිදි ඔබතුමා යටතේ පවතින රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සිදුවන වංචා, දූෂණ හා නාස්තිය සම්බන්ධයෙන් කඩිනමින් ජනාධිපති කොමිෂමක් පත්කර අවශ්‍ය නීතිමය පියවර ගනු ඇතැයි විශ්වාස කරන අතර මේ සම්බන්ධයෙන් විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කිරීම සඳහා සාකච්ඡාවක් ලබාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ‘‘ යන්නයි.