එරාන්, විදුර, සුමන්දිරන්, වාසු හා තාරකගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත්කෙරේ - මෙරට දේශපාලනයේ සුවිශේෂී සංධිස්ථානයක්


මෙරට දේශපාලනයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් වාසුදේව නානායක්කාර, එම්.ඒ. සුමන්දිරන්, විදුර වික්‍රමනායක, එරාන් වික්‍රමරත්න හා තාරක බාලසූරිය යන දේශපාලඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රසිද්ධියට පත්කිරීම අද (28) Transparency International Sri Lanka දායකත්වයෙන් කොළඹදී සිදුවිය. 

මෙම දේශපාලඥයින් ස්ව කැමැත්තෙන් වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත්කිරීමෙන් පිළිබිඹු වන්නේ වගවීම සම්බන්ධයෙන් ඔවුන් දක්වන දායකත්වයයි.

'මගෙන් පටන්ගන්න' - වාසුදේව නානායක්කාර

මෙහිදී අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර පැවසුවේ, 
‘‘මට පොඩි සතුටක් තියෙනවා මේ වෙලාවේ, අපි මේ උතුම් ඵෙතිහාසික අවස්ථාවකට සම්බන්ධ වී තියෙනවයි කියන එක ගැන, මට පුද්ගලිකව සතුටක් තියෙනවා මේ අපි පස්දෙනා අතර මම හිටපු කැබිනට් අමාත්‍යවරයෙක්. කැබිනට් හා කැබිනට් නොවන විධායක මට්ටමේ අමාත්‍යවරුන්ගේ මේ වත්කම් ප්‍රකාශ බැලීම ප්‍රමුඛතාවෙන් ඉහළයි මම කියන්නේ, 

මේ අවස්ථාව ඉතා නිර්භීත අවස්ථාවක් කියලා හැඳින්වුවත් අපි ඉතා නිහතමානීව මේ කටයුත්තට ඇවිත් තියෙන්නේ. ඇත්තටම අපේ ඉදිරිපත් වීම මේ රටට යම් ආදර්ශයක් වෙනවා නම් ඒ ගැන අපි සතුටුයි.

මං පාර්ලිමේන්තුවේ කීපවතාවක්ම ප්‍රකාශ කරලා තියෙනවා මේ දුෂණ ගැන කතාකරනකොට ඇයි ? අපේ වත්කම් බැරකම් ප්‍රකාශ බලලා, කියවලා, විශ්ලේෂණය කරලා, යථාර්තයත් එක්ක ගළපලා බලලා දූෂණයක් තියෙනවා නම් ඒ ගැන නිසි ක්‍රියාමාර්ග දූෂණ විරෝධී නීතිය අනුව ගන්නේ නැත්තේ, එතනින් තමයි පටන්ගන්න ඕන මේ රටේ තිබෙන්නාවූ දූෂණය නවත්වන්න. ඇයි ? ඒක කරන්නේ නැත්තේ, මං කීපවතාවක්ම කියලා තියෙනවා, මගෙන් පටන්ගන්න. මේ මගේ වත්කම් බැරකම් ප්‍රකාශය‘‘ 


මෙම දේශපාලඥයින්ගේ වත්කරම් හා බැරකම් ප්‍රකාශ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට පිවිසෙන්න.