පකිස්තාන හමුදාව මට හොඳට සලකනවා - ඉන්දියානු ගුවන් නියමුවා


පකිස්තාන හමුදාව තමනට ඉතාම හොඳින් සලකන බවත් , තමන් තැනගේ හමුදාවෙන්ඩ් බලාපොරොත්තු වන්නේද මේ ආකාරයේ සැලකිල්ලක් බවත්, පකිස්තාන් හමුදාව අත්අඩංගුවට ගෙන සිටින ඉන්දියානු ගුවන් හමුදා නියමුවා සඳහන් කරන වීඩියෝවක් මාධ්‍යට නිකුත් කොට තිබේ. ඔහු තමන් වින් කොමාන්ඩර් අභිනන්දන් ලෙස හඳුන්වා දෙනු ලැබීය.

අදාළ යානය තම ගුවන් සීමාව අතික්‍රමනය කළ බවට චෝදනා කරමින් පකිස්තාන හමුදවා විසින් එය බිම හෙලනු ලැබුවේ අද උදෑසනය. ඉන් පසු එය පැදවූ ගුවන් නියමුවාට තම ජීවිතය බේරා ගැනීමට හැකි වුවද ඔහු පකිස්තාන් හමුදාවේ අත්අඩංගුවට පත්විය.

අදාළ විඩියෝව නැරඹීමට පිවිසෙන්න