මරණ දඬුවම ගැන කටමැත දොඩන සිරිසේනට 2015 ජිනීවා පොරොන්දු අමතකද ?


ඊයේ (6) දින ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුවේදී අවධාරණය කරන්නේ ඉදිරි මාස දෙකක කාලය තුළ ස්ථිර වශයෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවයි.


එහිදී ඔහු වැඩිදුරටත් දක්වන්නේ, ‘‘අපට පුළුවන්කම ලැබෙයි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ඉදිරි මාසයක් දෙකක් කාලය තුළ. එය ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කිරීමට අපි තීරණයක් අරන් තියෙනවා. මොන විදිහේ විරෝධතා ආවත්. විශේෂයෙන්ම, මං කියන්නට ඕන මානව හිමිකම් සංවිධාන වලින් මං ඉල්ලීමක් කරනවා මේ රටේ අපරාධ, මත්ද්‍රව්‍ය, මත්කුඩු ජාවාරම් බරපතල පාතාලය මේවා මර්දනය කිරීමේදී ඔවුන් වෙනුවෙන් මානව හිමිකම් සංවිධාන පෙනී සිටිනවා නම් ඉතාමත්ම වැරදියි.‘‘ යන්නයි.


ජනපති රොඩ්රිගෝ ඝාතකයෙක් ?

පිලිපීන ජනපති රොඩ්රිගෝ දුතර්තේ මත්ද්‍රව්‍ය මැඩලීමට ගන්නා පියවර අගය කරන ජනාධිපතිතුමා පසුගිය දින කීපය පුරාම පැවසුවේ තමන් ද ඔහු ගිය මඟ යන බවයි. කෙසේවුවත්, මෙහිදී ජනපති සිරිසේනට පෙන්වා දිය යුත්තේ, පිලිපීනයේ මානව හිමිකම් සංවිධාන හා විපක්ෂය එරට ජනපති ගැන පවසන කතාය. ඔවුන් පවසන අන්දමට දුතර්තේ බලයට පැමිණීමෙන් අනතුරුව පිලිපීන‍යේ 20,000 කට අධික පිරිසක් ඝාතනයට ලක්වී තිබේ.

කෙසේවුවත්, මේ සංඛ්‍යා දත්ත ප්‍රතික්ෂේප කරන පිලිපීන රජය පවසන්නේ සිදුවී තිබෙන ඝාතන ප්‍රමාණය ඊට වඩා අඩු බවයි. පිලිපීන රජය මගින් 2016 ඔක්තෝබර් 31 වැනිදා නිකුත් කළ වාර්තාවකට අනුව මේ සම්බන්ධ සිද්ධීන් වලදී මියගොස් ඇති පුද්ගල සංඛ්‍යාව 4999 ක් වන බව අනාවරණය කර ඇත.


පසුගිය ජනවාරි 30 වැනිදා ජනාධිපතිතුමා මාතර සනත් ජයසූරිය ක්‍රීඩංගණයේ පැවැති ‘මතින් නිදහස් රටක්‘ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් පැවසුවේ, ‘‘පිලිපීනයේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන, අලෙවි කරන අයට මරණ දඬුවම දෙන්නේ විදුලි පුටුවෙන්, ඉන්දියාවේ මරණ දඬුවම දෙනවා, ඇමරිකාවේ මරණ දඬුවම දෙනවා. මමත් මරණ දඬුවම ළඟදීම දෙනවා.‘‘ යන්නයි.

මංගල 2015 දී ජිනීවාහිදී දුන් මංගල පොරොන්දු

ජනපතිතුමා සමග මේ වැඩසටහනට අමාත්‍ය මංගල සමරවීර ද එක්ව සිටියේය. එවක විදේශ කටයුතු අමාත්‍ය ධූරය හෙබවූ මංගල සමරවීර 2015 සැප්තැම්බර් 14, ජීනීවා හි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරය දී අවධාරණය කරන්නේ, ‘‘…මරණ දඩුවම සම්බන්ධයෙන් වන තාවකාලික අත්හිටුවීම පවත්වාගෙන යාම හා අවසන් වශයෙන් එය තහනම් කිරීම..‘‘ ට රජය ඇපකැපවී සිටින බවයි.


ඉන් වසර තුනකට අධික කාලයක් ගතවී ගොස් ඇති පසුබිමක අද නැවත වරක් ජනපති සිරිසේන මේ පවසමින් සිටින හතරබීරි කතාව කුමක්ද ?, ඔහු එදා ලෝකයට ලබාදුන් පොරොන්දු අද අමතකද ?




සත්‍යා

සබැඳි පුවත්