ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් රජයෙන් වැටුප් – ඡන්දය අත ළඟද ?



මෙහෙයුම් රාජකාරී කටයුතුවල දී හෝ ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතු කොටගෙන හෝ වෙනත් නීතිය කි‍්‍රයාත්මක කිරීමේ කටයුතු නිසා හෝ ආබාධිත ති‍්‍රවිධ හමුදා රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්/යැපෙන්නන් වෙත වයස අවුරුදු 55 දක්වා ගෙවන ලද වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට ජනාධිපති ජනපති තීරණය කර ඇත.

ආබාධිත රණවිරුවන්ගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ මෙම ගැටලුව විසඳීම සඳහා ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත ආරක්ෂක අමාත්‍යාංශය ගෙන ඇති පියවර පිළිබඳ දැනුවත් කිරීමට පසුගියදා (25) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී මේ බව සඳහන් කෙරිණි.

ආබාධිත හා මියගිය රණවිරුවන්ගේ ජාතික සංසදය, රණවිරු බිරින්දෑවරුන්ගේ දිස්ති‍්‍රක් සහ ජාතික සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් එම හමුවට කැඳවා තිබිණි.

ආබාධිත රණවිරුවන් විසින් ඉල්ලීම් 08 ක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ඉදිරිපත් කර තිබූ අතර එම සියලු ගැටලුවලට විසඳුම් ලබාදීමට ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් මේ වන විට පියවර ගෙන තිබේ.