සුමති සිවමෝහන්ගේ ‘පුත්තු සහ පියවරු’ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් ඇන්තනි සුරේන්ද්‍ර ජායිපූර් සිනමා උළෙලේදී ඇගයේ




මහාචාර්ය සුමති සිවමෝහන්ගේ අධ්‍යක්ෂණයක් වන ‘පුත්තු සහ පියවරු’ (Sons and Fathers) ඊයේ (22) පැවති ජායිපූර් ජාත්‍යන්තර සිනමා උළෙලේදී වෘත්තාන්ත චිත්‍රපටයක් වෙනුවෙන් වූ හොඳම සංගීත අධ්‍යක්ෂණයට  හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේය. මෙහි සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඇන්තනි සුරේන්ද්‍රට මේ සම්මානය හිමිවිය. 


සිංහල සිනමාව සමග කටයුතු කළ දමිළ සංගීතඥ පරම්පරාවන් දෙකක් පිළිබද පුවතක් පසුබිම් කොටගනිමින් තැනුනු ‘පුත්තු සහ පියවරු’ සිනමාපටය බිම්සරා ප්‍රේමරත්න, නිරංජනී ශන්මුගරාජා, එස්.ඒ. විනෝද්, රනිල් ජිතේන්ද්‍ර‍, අමාවස්‍යා සිරිසේන, ඇන්තනි සුරේන්ද්‍ර‍, උපුල් ශාන්ත සන්නස්ගල සහ මෛත්‍රී රාජේෂ්කුමාර්ගේ රංගනයෙන් දායක වේ. මෙහි  තිර රචනය හා කැමරාව මෙහෙයවීම සුනිල් පෙරේරාගෙනි. එල්මෝ හැලිඩේ සංස්කරණයෙන්ද, ලාල් හරින්ද්‍ර‍නාත් කලා අධ්‍යක්ෂණයෙන්ද මෙම සිනමාපටයට දායක වී ඇත.


‘පියවරු සහ පුත්තු‘ පසුගිය වසරේදී ඉන්දියානු ජගත් සිනමා උළෙලේදී  (2nd Indian World Film Festival) ය හොඳම වෘත්තාන්ත සිනමාපටය සඳහා ජූරියේ සම්මානයෙන් (Jury Award for Best Film- Feature) ද පිදුම් ලැබුවේය.





සබැඳි පුවත් 



සුමති සිවමෝහන්ගේ ‘පුත්තු සහ පියවරු’ ඉන්දියානු ජගත් සිනමා උළෙලේදී ඇගයේ


මම ප්‍රශ්න කරන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්වය පිළිබද- සුමති සිවමෝහාන්