ධර්මසේන පතිරාජ සමරු දේශනය ජනවාරි 28



ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජ සමරු දේශනය එළඹෙන ජනවාරි 28 වැනිදා සවස 4 ට

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ  "තරංගනී"ශාලාවේ දී පැවැත්වීමට නියමිතය. 


මෙහි ප්‍රධාන දෙසුම "විචාරාත්මක දුරස්ථභාවය හා කලාකරුවා ගේ කාර්ය" නමින් ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් පැවැත්වීමට නියමිත අතර දේශනය අවසානයේදී ධර්මසේන පතිරාජගේ අධ්‍යක්ෂණයක් වන "පාරදිගේ" චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය. 

පසුගිය වසරේ ජනවාරි 28 වැනිදා 74 වෙනි විය පසුකරමින් සිටි පතිරාජයන් ජීවිතයෙන් සමුගත් අතර අහස්ගව්ව, බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහෙ, එයා දැන් ලොකු ළමයෙක්, සහ පොන්මනී හා සක්කාරං ඔහුගේ අනෙකුත් සිනමා කෘති අතරට අයත්ය.