නවාස් ෂරීෆ්ට වසර හතක සිරදඬුවම්


පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට එල්ල වූ දූෂණ චෝදනා වලට (අල් අසීසියා සිද්ධිය) දඬුවමක් ලෙස ඉස්ලාමාබාද් හි අධිකරණයේ විනිසුරු මොහොමඩ් අර්ෂාඩ් මලික් විසින් වසර හතක සිරදඬුවම් නියම කර තිබෙන අතර ඩො.මි. 25 ක දඩයක්ද නියම කර තිබේ. ෂරීෆ් ප්‍රකාශයට පත්කළ වත්කම් වලට වැඩි මුදලක් ඔහු විසින් ආයෝජනය වශයෙන් යොදා තිබෙන බව හෙළිදරව් වීම මීට හේතු වී තිබෙන අතර ඔහුගේ වත්කම් අත්පත්කරගැනීමට ද අධිකරණය නියම කර තිබේ.





මීට පෙර ෂරීෆ්ට එල්ල වූ දූෂණ චෝදනා හමුවේ සිරගත කර සිටි ඔහු ඉස්ලාමාබාද් අධිකරණය පසුගිය ජූලි මසදී ඇප මත මුදාහැරීමට පියවර ගෙන තිබුණි. මේ සිදුවීම් හමුවේ පසුගිය ජූලි මසදී මහ මැතිවරණයෙන් ද පරාජයට පත්විය.





ෂරීෆ් මේ වනවිට පාකිස්ථානයේ ජාතික වගවීමේ කාර්යාංශය (NAB ) මගින් අත්අඩංගුවට ගෙන ඇති ඉන්පසු රාවල්පින්ඩිහි පිහිටි අදීලා සිරගෙයට ගෙනයෑමට නියමිතය. කෙසේවුවත්, නඩු තීන්දුව ලබාදුන් විනිසුරු අර්ෂාඩ්ගෙන් ඔහුගේ නීතිඥයින් ඉල්ලා තිබෙන්නේ ලාහොර්හි සිරගෙයට ගෙන යන ලෙසය.


















https://www.youtube.com/watch?v=T-JiB54nc_Q